ජනතාව බිත්තර අත හරිති… තොග හැංගූ මාෆියාව අනාථයි… බිත්තරයක් රු. 25ට වැටේ…!

December 21, 2024 at 10:07 am | by emanisa.lk

ජාඇල, කඳාන, රාගම ඇතුළු බොහෝ ප්‍රදේශවල බිත්තර මිල ශීඝ්‍ර ලෙස පහත බසිමින් ඇති බව වාර්තා වෙයි.

ඉකුත් සතියේ රුපියල් 40-45ත් අතර මිලකට අලෙවි වූ බිත්තර පෙරේදා (19) වන විට රුපියල් 25-30ත් අතර මිලකට අලෙවි කරන බව එම වෙළෙදෝ පවසති.

උත්සව සමයේ අධික මිලකට අලෙවි කිරීමට බිත්තර තොග වෙළෙඳුන් බිත්තර තොග රැස් කරගෙන සිටියත්, වෙළෙඳපොළෙහි බිත්තර ඉල්ලුම එතරම් ඉහළ නොයෑම නිසා බිත්තර මිල මේ ආකාරයට පහත බසිමින් තිබෙන බව බිත්තර අලෙවිකරුවෝ පෙන්වා දෙති.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ඇල්ෆා ඔමේගා සංවිධානයේ සභාපති රොහාන් උදයකාන්ත ප්‍රනාන්දු මහතා පවසා සිටියේ උත්සව සමයේ වැඩි මිලට අලෙවි කිරීමට බිත්තර, කුකුළු මස් ඇතුළු ඇතැම් භාණ්ඩ ඇතැම් තොග වෙළෙදුන් විශාල රැස් කරගෙන සිටිය ද ඊට නිසි ඉල්ලුමක් නොමැති නිසා ඉදිරි දින කිහිපය තුළ යම් යම් භාණ්ඩවල මිල තව දුරටත් අඩුවිය හැකි බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *