ආනන්ද පාලිත යළි මාධ්‍ය හමුවක… සිපෙට්කො සභාපති ඉහේ හිටං පට්ට ගහයි…ගසාකෑම් එකිනෙක යළි රටට කියයි…!

December 19, 2024 at 5:25 pm | by emanisa.lk

තෙල් සංස්ථාවේ නව සභාපති ජානක රාජකරුණා පිළිබඳ තමන් මාධ්‍ය හමුවක් කැඳවා හෙළි කළ කරුණු සියල්ල සත්‍යය යැයි තමන් නැවත අවධාරණය කරන බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසයි.

එම ප්‍රවෘත්තිය අසත්‍ය බව සභාපතිවරයා යොමු කර ඇති ලිපිය මගින් කිසිදු සඳහනක් කර නොමැති බව ද එමගින් බිය ගන්වා මාධ්‍ය මර්දනය සඳහා යොමු වී ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

මෙම වංචා දූෂණ පිළිබඳ මාධ්‍ය ඔස්සේ දැනුම්වත් කිරීමට පෙර දෙසැම්බර් 06 වෙනිදා ජනාධිපති කාර්යාලයට ගොස් ජනාධිපතිවරයාගේ නියෝජිතයකු දැනුම්වත් කළ ද ඒ සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් නිසා මාධ්‍යය ඔස්සේ රටට අදාළ තොරතුරු හෙළිදරව් කිරීමට සිදු වූ බව ද ආනන්ද පාලිත සඳහන් කරයි.

සභාපතිවරයා සිය වැටුප දීමනා වරප්‍රසාද ඉහළ නංවා ගෙන සංස්ථාවේ මුදල් අපහරණය කරන බවත් මෙම සභාපතිවරයා ඍජුව ජනාධිපතිවරයාගේ උවමනාවට පත් කළ අයකු බවත් ඔහු අනාවරණය කරයි.

තෙල් සංස්ථාව බිලියන 200කට වඩා ලාභ ලබන විට අඩු කරන බව කී රු. 50 බද්දත් අඩු නොකර ගසාකෑමේ සූත්‍රයත් වෙනස් නොකොට සේවයන්ට බෝනස් මුදලත් නොදී සිදුකරන ගසාකෑම තමන් අනාවරණය කරන බවත් තමන්ට මෙම තොරතුරු ලබා දුන් පුද්ගලයන් සොයා ඔවුන් මර්දනය කරනු වෙනුවට තමන් හැකි නම් පැහැර ගෙන ගොස් මරා දමන ලෙස ද ආනන්ද පාලිත අභියෝග කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *