ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (17) පෙරවරුවේ බුද්ධගයාව වැඳපුදා ගත්තේය.
එහි දී සිදුහත් කුමරු බුද්ධත්වය ලැබූ ස්ථානයේ පිහිටා ඇති මහා විහාරයත් ශ්‍රී මහා බෝධීන් වහන්සේත් වැඳ ආශීර්වාද ලබා ගත්තේය.
ඉන්දියානු සංචාරවල නිරත වූ බොහෝ ලාංකික රාජ්‍ය නායකයන් තිරුපති වැඳ පුදා ගත්ත ද වර්තමාන ජනාධිපති අනුර දිසානායක බුද්ධගයාව වැඳපුදා ගැනීමට ප්‍රමුඛතාව දීම විශේෂත්වයකි.
එසේම රාජ්‍ය නායක හමුවේ දී ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි හින්දි භාෂාවෙන් ද අනුර දිසානායක සිංහල භාෂාවෙන් ද සිය දේශන සිදුකරමින් සිය රටේ අනන්‍යතාව තහවුරු කිරීමට කටයුතු කිරීම දැකගත හැකි විය.