ආණ්ඩුවේ ඇමතිවරයෙකු ලෙස තමන්ට වාහන තුනක් හිමි වුව ද තමන් ලබා ගත්තේ සාමාන්‍ය එක වාහනයක් පමණක් බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.
කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ලෙස තමන්ට තවත් ප්‍රාඩෝ රථයක් ඉන්ධන ලීටර් 300ක් සහ කාර්යාලයක් හිමි වුව ද තමන් ඒවා නැවත භාර දුන් බව ද හෙතෙම ප්‍රකාශ කරයි.
තමන්ට ආණ්ඩුවෙන් වාහනයක් ලැබී ඇති නිසා තවත් වාහනයක් ගැනීම සුදුසු නොවන බවත් ඇමති නාමල් කරුණාරත්න පෙන්වා දෙයි.