ඉන්දියාවෙන් ගුල්ලෝ ගැසූ පරණ හාල් එවලා…කන්ටේනර් පිටින් ආපසු හරවයි…!

December 14, 2024 at 1:54 pm | by emanisa.lk

ඉන්දියාවෙන් ආනයනය කළ සහල් කිලෝ 75 000ක පමණ පරිභෝජනයට නුසුදුසු බව සෞඛ්‍ය අංශ පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශ ආහාර පාලන ඒකකය මගින් මෙම සහල්වල ප්‍රමිතිය පරික්ෂා කර ඇති අතර ඉන් බහාලුම් තුනක අඩංගු සහල් පරිභෝජනයට නුසුදුසු බව තහවුරු වී තිබේ.

ඉන් බහාලුම් දෙකක ගුල්ලන් සිට ඇති අතර අනෙක් බහාලුමේ සහල්වල නිෂ්පාදිත දිනය කල් ඉකුතවන දිනය ආදී තොරතුරු අඩංගු ලේබලය මත නව ලේබලයක් ඇලවීම නිසා ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම සහල් කන්ටේනර් තුන රේගුවෙන් නිදහස් කර නොමැති අතර අදාළ සමාගම වෙත ප්‍රති-අපනයනය කිරීමට නියමිතය.

ඊයේ වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික් ටොන් 2400ක් පමණ ගෙන්වා ඇති අතර ඉන් 90%ක් පමණ මේ වන විටත් රේගුවෙන් නිදහස් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *