ජාති ආගම් බේදයකින් තොරව ජනතාව එකමුතු කිරීම වැදගත් බව මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසයි.
“නව ජනාධිපති අනුර කුමාර දිසානායක එක්සත්භාවය ගැන කතා කළා. ඔබේ ජනාධිපතිවරයා ප්‍රකාශ කළා මේ රටේ වර්ගවාදයට හෝ අන්තවාදයට කිසිදු ඉඩක් නොමැති බව. ඔබේ සියලු විෂමතාවන් සහ විවිධත්වයන් සැමරිය යුතු කාරණා. එමඟින් සියල්ලන්ම සාමකාමී එක් ජන ප්‍රජාවක් බවට පත්වේවී.
ජන ප්‍රජාවන් එක් කරමින් එම දැක්මට දායකවන්න ‘අමෙරිකන් කෝනර්’ එකට හැකියාවක් ලැබීම ගැන මම ඇත්තෙන්ම ආඩම්බර වෙනවා. ඔබේ පසුබිම, භාෂාව, ආගම, ආර්ථික මට්ටම, ඔබ කාන්තාවක් ද පිරිමියෙක්ද හෝ කවරෙක්ද යන්න එහිදී වැදගත් වන්නේ නැහැ. වැදගත් වන්නේ ජනතාව එකමුතු කිරීමයි.”
මහනුවර මහ නගර සභාවේ ඩී.එස්.සේනානායක අනුස්මරණ මහජන පුස්තකාලයට අනුබද්ධ, අමෙරිකානු තොරතුරු පියස පිහිටුවා වසර 20ක් සැපිරීම නිමිත්තෙන් ඊයේ (10) මහනුවර පැවැති උත්සව සභාවක් අමතමින් ජූලි චන්ග් මේ බව සඳහන් කළාය.