වෙළඳපොළක ක්‍රමය තුළ හොඳම විසඳුම හාල්වලට උපරිම මිලක් දැමීමයි…! – නි. ඇමති වටගල…

December 11, 2024 at 4:57 pm | by emanisa.lk

වෙළඳපොළ ක්‍රමය අනුව ආණ්ඩුවට මේ අවස්ථාවේ ලබා දිය හැකි හොඳම විසඳුම හාල් සඳහා උපරිම මිලක් නියම කිරීම බව මහජන ආරක්‍ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.

මේ අවස්ථාවේ සහල් නිෂ්පාදකයන් වෙළඳපොළට නිකුත් කරන සහල් ප්‍රමාණය ඉල්ලුමට ප්‍රමාණවත් නොවන නිසාත් ආණ්ඩුවට වී වපුරා ගොයම් කපා වී ගබඩා කර සහල් වෙළඳපොළට දෙන්නට ප්‍රමාණවත් කාලයක් නොමැති නිසාත් කෙටි කාලීන විසඳුමක් ලෙස සහල් ආනයනයට කටයුතු කරන බව ද ඇමතිවරයා සඳහන් කරයි.

මෙය මෙම ගැටලුවට මුහුණ දෙන අවසාන අවස්ථාව බවත් ආණ්ඩුව ඉදිරි කන්නයේ අස්වනු නෙළීමත් සමග ඇමතිවරයා ඊට නිසි විසඳුම ලබා දෙන බවත් සුනිල් වටගල අවධාරණය කරයි.

ජනාධිපතිවරයා සහල් සඳහා උපරිම මිලක් නියම කිරීමත් සමග සහල් මෝල් හිමියන්ට ද අදාළ මිලට සහල් නිකුත් කිරීමට සිදුවන බව සඳහන් කළ නි. ඇමතිවරයා මෙය පාරිභෝගික ජනතාව රකින ආණ්ඩුවක් බව ද කීවේය.

සිරස රූපවාහිනියේ සටන වැඩසටහනට එකතු වෙමින් සුනිල් වටගල මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *