ගැසට් ගහල හාල් මාෆියාව පරද්දන්න බෑ…! ආණ්ඩුවේ හාල් මොල් 05ක් හදල මාෆියාව දණ ගස්සනවා…!

September 30, 2021 at 4:14 pm | by emanisa.lk

සහල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා දිස්ත්‍රික්ක පහක සහල් මෝල් පහක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

සහල් මිල පාලනය කළ නොහැකි තත්ත්වයට පත් වුයේ අනවශ්‍ය ගැසට් නිවේදන නිසා බව පැවසූ අමරවීර සහල් මිල හෝ වී මිල පාලනයට ගැසට් පළ කිරීමේ අවශ්‍යතාවක් නැතැයිද ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ දී ඊයේ (30) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදීය.

වී මිල හා සහල් මිල පාලනයට පළ කරන ලද ගැසට් නිවේදනවලින් වාසිය අත් වුයේ අතරමැදියන්ට යැයිද මහින්ද අමරවීර මහතා පැවැසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *