මෙවර විදුලි ගාස්තු සංශෝධනයේදී සිදු කළ යුතුව තිබුණේ විදුලි ගාස්තුව වැඩි කිරීමක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
පිරිවැය නිරූපිත මිල අනුව ගත වූ මාස හයක කාලය තුළ විදුලිය නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇති බවත් ඊට හේතුව ඉන්ධන බලාගාර වැඩි වශයෙන් භාවිත කිරීමෙන් විදුලි නිෂ්පාදනය කිරීම බවත් හෙතෙම පවසයි.
එහෙත් ඊළඟ මාස හයේදී විදුලි නිෂ්පාදිත පිරිවැය පහළ යන නිසා විදුලි ගාස්තු පහළ දැමිය හැකි බව ද ඇමතිවරයා කියා සිටියි.
කෙසේ වෙතත් රජය පොරොන්දු වූ පරිදි විදුලි ගාස්තුව සියයට තිහකින් තිස්පහකින් අඩු කිරීමට ක‍්‍රනුකූලව කටයුතු කරන බවත් හෙතෙම අවධාරණය කරයි.