රටේ ආගමික සමගිය රැකෙන ආකාරයට උතුරු නැගෙනහිර වෙහෙර විහාර සහ පෞරාණික උරුමයන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු යැයි රාමාඤ්ඤ මහා නිකායේ මහානායක මකුලෑවේ විමල හිමි පවසයි.
එම උරුමයන් අනාගත පරපුර සඳහා ආරක්ෂා කර ගෙන යෑමට බුද්ධ ශාසන ඇමතිතුමා මැදිහත් වී කටයුතු කළ යුතු බව ද එහිමියන් සඳහන් කරයි.
අමරපුර නිකායේ මහ නායක ධුරයට පත් ආචාර්ය මාදම්පාගම අස්සජි හිමියන් වෙත සන්නස් පත්රය ප්රදානෝත්සවයට බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී එකතු වෙමින් උන් වහන්සේ මේ බව කීහ.