එළැඹෙන වසරේ සිට පාසල් සිසුන් වෙනුවෙන් නිල ඇඳුම් සඳහා රෙදි ලබා දීම වෙනුවට මසා නිම කළ නිල ඇඳුම් ලබා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.
ඇමතිවරයා මේ බව අනාවරණය කළේ, (06) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති උත්සවයක් අමතමිනි.
පාසල් නිල ඇඳුම් සඳහා රෙදි ලබා දීමේ දී විශාල රෙදි ප්‍රමාණයක් අපතේ යන බවත් එව වැළැක්වීමට මෙම තීරණයට එළැඹී බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
ඒ සඳහා දේශීය පේෂකර්මාන්ත ශිල්පීන් ද සම්බන්ධ කරගෙන ඔවුන්ටත් ආදායමක් ලැබෙන ආකාරයට මෙම වැඩපිළිවෙළ දියත් කිරීමට හැකි දැයි සොයා බලන බව ද ඇමති හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.