දේශපාලන අධිකාරියේ සහ ඩිජිටල් තාක්ෂණවේදීන්ගේ අපේක්ෂා සමපාත වී ඇති මේ අවස්ථාවේ රට ඩිජිටල්කරණය කිරීම සඳහා සියලුම වෘත්තීයවේදීන්ගේ සහයෝගය අපේක්ෂා කරන අතර ඒ සඳහා සහභාගි වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.
ඕනෑම අවස්ථාවක ඒ වෙනුවෙන් තමන් පෙනී සිටින බවත් ජනාධිපතිවරයා අවධාරණය කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළකළේ පෙරේදා (05) ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ දී එම අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව අමාත්‍යාංශ නිලධාරීන් අමතමිනි.
ඩිජිටල්කරණය තුළින් ආර්ථික කටයුතුවල කාර්යක්ෂමතාව වැඩිකර රටේ ආර්ථිකය ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
දිළිඳුබව තුරන් කිරීම, සමාජීය ආකල්ප වෙනස් කිරීම සහ ඩිජිටල්කරණය රජයේ ප්රමුඛ අරමුණු වන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ගොඩනැඟිලි ඉදිකිරීමෙන් පමණක් රටක් සංවර්ධනය නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මීට දශක දෙකකට පෙර ඉදිකිරීම් අමාත්‍යංශයක් පැවතුණු බව සිහිපත් කළ අතර මේ වන විට සෑම අමාත්‍යාංශයකින්ම සිදු කරන්නේද ඉදිකිරීම් පමණක් බවද කියා සිටියේය.