ගං වතුරින් හානි වූ කුඹුරු අක්කරයකට රු. 40 000ක වන්දියක්…!

December 4, 2024 at 2:27 pm | by emanisa.lk

ජල ගැලීම් නිසා විනාශ වූ ගොවිබිම් අක්කරයක් සඳහා රු. 40 000ක වන්දියක් ලබා දීමට කටයුතු කරන බව කෘෂි රක්ෂණ මණ්ඩලය පවසයි.

පොළොන්නරුව අම්පාර ප්‍රෙද්ශවල ගං වතුර නිසා හානියට පත් ගොවිබිම් පරික්ෂාවට පැමිණි අවස්ථාවේ කෘෂි රක්ෂණ මණ්ඩලයේ උතුරු මැද පළාත් අධ්‍යක්ෂ අශෝක ප්‍රියදර්ශන මහතා මේ බව කීය.

එම වන්දි මුදල ද කාණ්ඩ 03ක් යටතේ ගෙවන බවත් කුඹුර නැවත සකසා වගා කිරීමට රු. 16 000ක් ද අනතුරුව අවස්ථා දෙකක දී ඉතිරි මුදල ද හිමි වන බවයි, ඔහු අනාවරණය කළේ.

අක්කරයක් නැවත වගා කිරීමට රු. 65 000ක පමණ මුදලක් වැය වුව ද දැනට පවතින චක්‍රෙල්ඛය අනුව ගෙවිය හැක්කේ එම මුදල බව ද අශෝක ප්‍රියදර්ශන මහතා වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *