ප්‍රාදේශීය සභා බලයත් අපට එපා… මාලිමාවටම දෙන්න…! – පොහොට්ටු ලේකම්…

December 2, 2024 at 12:24 pm | by emanisa.lk

ජනතාව ජනාධිපතිවරණයේදී මාලිමාවට පැහැදිලි ජනවරමක් ලබාදී ඇති නිසා ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් ද ඔවුන්ට වැඩි බලයක් හිමි විය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසයි.

බහුතර මතයට හිස නැවීම ප්‍රජාතන්ත්‍රවාදය බවත් ජනතාව ජාතික ජන බලවේගය කෙරෙහි විශ්වාසය තබා ඇති නිසා ඔවුන්ට වැඩ කරගෙන යෑමට ඉඩ දිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
එහෙත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ මතය පිළිනොගන්නා ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ කරන බව දහෙතෙම සඳහන් කරයි.

පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ පිරිස සහ ඡන්දපොළට නොගිය පිරිස එකතු කළ විට බහුතරය ඇත්තේ එතැන බව කවුරුත් මතක තබා ගත යුතු යැයි ද සාගර කාරියවසම් වැඩි දුරටත් කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *