මැතිවරණ පනත අනුව යම් පක්ෂයකට පක්ෂ ලේකම්වරයා මගින් සිය ජාතික ලැයිස්තු මන්ත්රීවරයා ලෙස ඕනෑම පුද්ගලයෙකු පත්කළ හැකි බව නීති විශාදරයන් සමගි ජන බලවේගයට සහ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට දැනුම් දී තිබේ.
ඔවුන් පෙන්වා දී ඇත්තේ ජාතික ලැයිස්තු මන්ත්රී ධුර සඳහා පත්කිරීමට යම් පක්ෂයක ජාතික ලැයිස්තුවක නම තිබීම හෝ එම පක්ෂයෙන් තරඟ කිරීම අනිවාර්ය බවට මැතිවරණ කොමිසම සිදුකරන ප්රකාශය නීතියට පටහැනි බවයි.
පක්ෂ ලේකම්වරයා නම් කරන ඕනෑම පුද්ගලයෙකු ජාතික ලැයිස්තු මන්ත්රී ධුර සඳහා පත්කිරීමට කොමිසම බැඳී සිටින බවත් කිසියම් ගැටලුවක් ඇත්නම් එය අර්ථ නිරූපණය කිරීම අධිකරණයේ රාජකාරිය බවත් ඔවුන් වැඩි දුරටත් පෙන්වා දී තිබේ.
මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ නැවත පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා සැලසුමක් ක්රියාත්මක වන බවට ද තොරතුරු පළවෙයි.