මන්නාරම සුළං විදුලි ව්‍යාපෘතිය අදානිගෙන් ගලවයි… අඩු මිලට විදුලිය දෙන්න දේශීය සමාගම් සූදානම්…!

December 1, 2024 at 1:37 pm | by emanisa.lk

ඉන්දීය ව්‍යාපාරික ගෞතම් අදානිගේ ග්‍රීන් එනර්ජි සමාගම් විසින් ආරම්භ කිරීමට නියමිතව තිබූ මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකිරීමට ආණ්ඩුව තීන්දු කර තිබේ.

ජනාධිපති අනුර දිසානායක මහතා ඒ බව සඳහන් කළේ යැයි ශ්‍රී ලංකා ජාතික වාණිජ වාණිජ මණ්ඩලයේ ලේකම් ලක්මාල් ප‍්‍රනාන්දු මහතා පවසයි.

අදාළ සමාගමට වඩා අඩු මිලට විදුලිය සැපයීමට දේශීය සමාගම් තුනක් එකඟතාව පළකර ඇතැයි ද රට විදුලි උත්පාදනය විදේශීය සමාගම්වලට නතු වීම අනතුරුව දායක බව ද ඔහු සඳහන් කරයි.

ඉන්ධන භාවිතය අඩුකර වෙනත් පුනර්ජනනීය බල ශක්තිය සඳහා යොමු විය යුතු බවත් ස්වභාවික බලශක්ති උත්පාදනයට නවීන තාක්ෂණය යොදාගත යුතු බවත් හෙතෙම තව දුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *