පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලැප්ටොප් පරිගණකයක් හෝ පරිගණකයක් ලබා දීමට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය තීරණය කරයි.
නවක මන්ත්‍රිවරුන් සඳහා පාර්ලිමේන්තුවේ පැවැති තුන් දින වැඩමුළුවේදී මේ බව දැනුම් දී ඇත.
මේ සඳහා එක් මන්ත්‍රිවරයෙක් වෙනුවෙන් අවම වශයෙන් රුපියල් ලක්ෂ පහක් වෙන් කෙරෙන බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩි දුරටත් අනාවරණය කරයි.
ඒ අනුව මෙම ව්‍යාපෘතිය සඳහා රු. ලක්ෂ 1125ක අවම පිරිවැයක් දැරීමට සිදුවනු ඇත.