පසුගියදා උතුරේ පැවති මහවිරු සැමරුම් ප්රවර්ධනය කළ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් කොටි මහ විරු සැමරුන් ප්රවර්ධනය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.
යාපනය චුන්නාකම්හි දී එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පුද්ගලයෙකු බද්දේගම දී අත්අඩංගුවට ගෙන ඇත.
ෆේස්බුක් ගිණුමක් ඔස්සේ මහවිරු සැමරුම්වලට අදාළ ඡායාරූප ප්රචාරය කළ අයකු ද අත්අඩංගුවට ගෙන ඇත.