සහල් ආනයනය සඳහා සැපයුම්කරුවන් තෝරා ගැනීමට අද (29) සිට ටෙන්ඩර් කැඳවන බව ලක් සතොස ආයතනය පවසයි.
සහල් තොග ආනයනය සඳහා අද සිට දින 7 ක් ඇතුළත ආනයනකරුවන්ට සිය ලංසු ඉදිරිපත් කළ හැකි බවයි, එහි සභාපති ආචාර්ය සමිත පෙරේරා සඳහන් කළේ.
ඒ අනුව අදියර කිහිපයක් යටතේ සහල් මෙට්රික් ටොන් 70,000ක් දිවයිනට ගෙන්වීමට සැලසුම් කර තිබේ.
එම සහල් උත්සව සමයට පෙර ලක් සතොස, සුපිරි වෙළඳසැල් සහ සෙසු සිල්ලර සැල් ඔස්සේ වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතය.