කෙඳිරි නොගා 30 වෙනිදාට රු. 50කින් ඉන්ධන බස්සනු…! – මරික්කාර්…

November 27, 2024 at 3:57 pm | by emanisa.lk

ඉන්ධනවලින් රු. 50ක් අඩු කරන බවට ලබා දුන් මැතිවරණ පොරොන්දුව දැන්වත් ඉටු කරන ලෙස එස්.එම්. මරික්කාර් ආණ්ඩුවෙන් ඉල්ලයි.

එම ඉන්ධන මිල සහනය එළඹෙන 30 වෙනිදා සිදුකරන මිල සංශෝධනයේ දී ඉටු කරන ලෙසත් දැන් කෙඳිරි ගෑමට කාලයක් නැති බවත් ඔහු සඳහන් කරයි.

කුනාටුවකට හසු වී බෝට්ටු පෙරළි ගිය අවස්ථාවක ලංකාවේ ජනතාව 20%ක් තමන් පාර්ලිමේන්තුවට පත්කළේ ජනතා ප්‍රශ්න පිළිබඳ කතා කිරීමට බව ද මරික්කාර් අවධාරණය කරයි.

අද (27) විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *