මහවිරු සැමරුම ඉහළින්ම පවත්වන්නේ මෙදා…රනිල්ගේ කාලෙවත් මෙහෙම වුණේ නෑ…! – විමල් වීරවංශ…

November 26, 2024 at 2:21 pm | by emanisa.lk

ඊළාම් යුද්ධයට පසු උතුරේ මහවිරු සතිය වඩාත් උත්කර්ෂවත් ලෙස පවත්වන්නේ මෙවර මාලිමාණ්ඩුව යටතේ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.

රනිල් වික්‍රමසිංහ යුගයේවත් නොවූ ආකාරයට සියලු මාර්ග කොටි කොඩිවලින් සරසා නියඟලා මලින් ස්මාරක තනා පොඩි දරුවන් පවා එම උත්සව සඳහා යොදා ගෙන ඇති බවට ද ඔහු චෝදනා කරයි.

ලංකාව ඇතුළු රටවල් ගණනාවක තහනම් සංවිධානයක සංකේත, කොඩි ප්‍රදර්ශනය කරමින් මහවිරු සැමරුම් කරන්නේ නම් ජනාධිපතිවරයා රාජාසන කතාවේ දී ප්‍රකාශ කළ නීතියේ ආධිපත්‍යය කොහිදැයි විමල් වීරවංශ ප්‍රශ්න කරයි.

කිසිවෙකු එය මියගිය ඥාතීන් සැමරීමකට ලඝු කළ හැකි වුව ද ඒ සඳහා කොටි කොඩි නියඟලා මල් අවශ්‍ය නැති බව ද ඔහු පෙන්වා දෙයි.

ඊයේ (25) හිරු සලකුණ වැඩසටනට එකතු වෙමින් විමල් වීරවංශ මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *