පසුගියදා ගල්කිස්ස මහ හෝටලයේ පැවැති ABBA සංගීත ප්‍රසංගයට අගමැතිනි හරිනි අමරසූරිය, විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ඇතුළු පිරිසක් සහභාගී වීම පිළිබඳ එම හෝටල් කළමනාකාරීත්වය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම සංගීත ප්‍රසංගය මෙරට සංචාරක කර්මාන්තයේ ප්රගමනය උදෙසා සංවිධානය කළ බවත් එමගින් මෙරට දෙස් විදෙස් සංචාරකයන්ගේ ප්රමුඛ ගමනාන්තයක් කිරීම අරමුණ බවත් එම නිවේදනයෙහි දැක්වෙයි.
සංචාරක කර්මාන්තයේ ප්රගමනයට අගමැතිනි හරිනි අමරසූරිය සහ ඇමති විජිත හේරත් සිදුකරන කාර්යයට පිළිගැනීමක් ලබා දීමට මෙම අවස්ථාවට ආරාධන කළ බවත් නිහතමානීව එය පිළිගැනීම පිළිබඳ එම අවස්ථාවට සහභාගී වීම පිළිබඳ ස්තූති කරන බවත් ගල්කිස්ස මහ හෝටලය එම නිවේදනය මගින් වැඩි දුරටත් ප්‍රකාශ කරයි.