තම පවුලේ වාහනය තමන්ට රාජකාරී වෙනුවෙන් භාවිත කළ නොහැකි හෙයින් ඉදිරියේ දී අමාත්‍යාංශයෙන් සිය රාජකාරිය අනුව ලබා දෙන වාහනයක් භාවිත කිරීමට සිදුවනු ඇති බව කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සඳහන් කරයි.
තම ස්වාමිපුරුෂයා වෛද්‍යවරයෙක් බවත් ඔහුට මෙන්ම තමන්ට ද වාහනය ඇති බවත් මැතිවරණ කාලසීමාවේ තමන් භාවිත කළේ මිතුරන් ලබා දුන්න වාහනයක් බවත් ඇය පවසයි.
තමන්ට පැවරි ඇති වගකීමට ගැලපෙන රටේ ආර්ථිකයට ඔරොත්තු දෙන වාහනයක් භාවිත කරන බව ද ඇමැතිවරිය ප්‍රකාශ කරයි.
දැනට තමන් මාතර හා කොළඹ දිනපතා යන එන තත්ත්වයක් ඇති බව පවසන ඇය එනිසා සුදුසු නිවසක් අවශ්‍ය යයි යන ස්ථාවරයේ තමන් සිටින බවද ඇය පෙන්වා දෙයි.