ජාතික ජන බලවේගය ලබාගත් ජයග්‍රහණයට සුබ පතන බවත් ජාතික ජන බලවේගය විපක්ෂයේ සිටිය දී කළ දේශපාලනය කිරීමට තමන් සූදානම් නොමැති බවත් හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.
“ඔවුන් රජයට දුවන්න ඉඩ දුන්නේ නෑ කකුලෙන් ඇද්දා උද්ඝෝෂණ කරා, පෙළපාලි ගියා, වැඩ වර්ජනය කරා, රටේ බොරු මතයක් හැදුවා.
අපි වගකීමෙන් විපක්ෂයේ වැඩ කරන්න ඕනේ කතා කරන්න ඕනේ. බොරු කියලා බලය ගන්න අපි සූදානම් නෑ. ඒ වගේම අපි විපක්ෂයේ ඉන්න සියලු විපක්ෂ නායකයින් සහ විපක්ෂය පක්ෂවලින් ඉල්ලීමක් කරනවා එකතුවෙලා වැඩ කරමු කියලා.
ඒ වගේම ජාතික ජන බලවේගයට ඔරොත්තු දෙන්න පුළුවන් මූණ දෙන්න පුළුවන් විපක්ෂය නායකත්වයක් අපිට අත්‍යවශ්‍යයි. ඒ නායකත්වය සජිත් ප්‍රේමදාස නෙවෙයි. මට ඔහුත් එක්ක කිසිම පෞද්ගලික අමනාපයක් ප්‍රශ්නයක් නැහැ.
හැබැයි අනුර කුමාර දිසානායකට විකල්පයක් සජිත් ප්‍රේමදාසවත් සජබේවත් නෙවෙයි කියන එක මුළු රටම පිළිගන්නා කාරණයක්.”
දඹුල්ල ප්‍රදේශයේ සාකච්ඡාවක් අතරතුර ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මේ බව ප්‍රකාශ කළේය.