නව කතානායක ආචාර්ය අශෝක රන්වල මහතා කතානායක හිස් වැස්ම පැළඳීමේ දී අත්වැරදීමකින් එහි අග කොටස් දෙක එකතු වී තිබූ පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ එය අතපසුවීමක් බවත් අනතුරුව වහාම එය නිවැරදි කළ බවත්ය.
කතානායක හිස් වැස්මෙහි අග දෙකෙළවර එකතු කරන බොත්තමක් නොමැති බව ද එම ප්‍රකාශකයා සඳහන් කරයි.
පසුගියදා 10 වැනි පාර්ලිමේන්තුව විවෘත කිරීමේ අවස්ථාවේ දී කතානායකවරයාගේ හිස් වැස්ම දෙකෙලවර යා කොට පැළඳීම සමාජ මාධ්‍යවල විශාල ප්‍රවෘත්තියක් විය.