බිලියන දෙකක් වතුරේ… දෙමසකට පෙර හැදූ සපුගස්කන්ද යළි කැඩේ…!

November 22, 2024 at 12:36 pm | by emanisa.lk

රුපියල් බිලියන දෙකකට ආසන්න මුදලක් වැයකොට මාස දෙකකට පමණ ඉහත දී සම්පූර්ණ අලුත්වැඩියාවක් කර නැවත පණගැන්වූ සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින කිහිපයකට නැවත අකර්මන්‍ය වී ඇතැයි වාර්තා වෙයි.

යළිත් පිරිපහදු කටයුතු අරඹා ක්‍රියාත්මක වන අතරේ බොයිලේරුවලට ජලය සපයන නළයක ඇති වූ පිපිරුමක් නිසා යළිත් වසා දැමීමට සිදුවී ඇත.

පසුගිය සති අන්තයේ සිට ඊයේ (21) වනතුරු පිරිපහදුව යළි ක්‍රියාත්මක නොවුණු බව එහි සේවකයෝ පවසති.

ජාත්‍යන්තර සම්මනතයට අනුව පිරිපහදුව වසර දෙකකට වරක් සම්පූර්ණ අලුත්වැඩියාවට ලක් කළ යුතු අතර රක්ෂණාවරණයට ලබාගැනීමට එය අනිවාර්ය වෙයි.

ජුලි 15 වැනිදා සිට අගෝස්තු 24 දක්වා මෙවර සම්පූර්ණ අලුත්වැඩියාව කළ අතර එම කාල සීමාව තුළ සම්පූර්ණ පිරිපහදුව නතර කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *