ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු කැන්ටිමෙන් කෑම නොකන බව ප්‍රකාශ කළේ නැතැයි එම පක්ෂ මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.
ඔහු පවසන්නේ එම මන්ත්‍රීවරයා සඳහන් කළේ තම පක්ෂය කැන්ටිමෙන් නොකන බව නොව කොත වගේ බෙදා ගෙන නොකන බව සඳහන් කළ බවයි.
සිය ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තු කැන්ටිම වැසීමට හෝ ගෙදරින් කෑම ඔතාගෙන එන්නට යෝජනා නොකළ බව ද එම මන්ත්‍රීවරයා අවධාරණය කර තිබේ.
හර්ෂ ද සිල්වා මෙම අදහස් පළ කළේ මාලිමාණ්ඩුව යටතේ පාර්ලිමේන්තු කැන්ටිම වසා දමන බව ප්‍රකාශ කළ ද රාජාසන කතාවට පසු සියලු දෙනා සුපුරුදු ලෙස තේ පානයට එකතු වූයේ නොවේදැයි මාධ්‍ය කළ විමසුමට පිළිතුරු වශයෙනි.