ඊශ්‍රායල් රැකියා සඳහා යන ශ්‍රමිකයන්ගේ ගුවන් ටිකට් මිල පහළට…!

November 22, 2024 at 9:16 am | by emanisa.lk

ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත් වන ශ්‍රමිකයින්ගෙන් අයකරනු ලබන ගුවන් ටිකට්පත් ගාස්තුව අඩුකිරීමට පියවර ගෙන තිබේ.

එරටට යන ශ්‍රමිකයින්ගෙන් ගුවන් ටිකට්පත් ගාස්තුව ලෙස අධික මුදලක් අයකරනු ලබන බවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයට මින් පෙර පැමිණිලි ලැබී තිබිණි.

ඒ අනුව මාසයකදී ගුවන් ටිකට්පත් 500කින් රුපියල් කෝටි හතරකට අධික ප්‍රමාණයක් වැඩිපුර අයකර ඇති බවයි අනාවරණ විය.

නවීන ක්‍රමවේදයන් අනුගමනය කරමින් ශ්‍රි ලංකන් එයාර් ලයින් ආයතනය මගින් ඍජුව ගුවන් ටිකට්පත් මිළදී ගෙන එම මුදල අඩු කර ගැනීමට හැකිවූ බව විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *