හොඳ පාර්ලිමේන්තුවක් ගොඩනැගෙනු ඇතැයි විශ්වාසයක් ඇති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි.
“හොඳ පාර්ලිමේන්තුවක් ඇතිවෙයි කියල සතුටක් දැනෙනවා. අපි අනුර කුමාර දිසානායක මැතිතුමාට සුබ පතනවා එතුමා බලාපොරොත්තු වෙන ගමන යන්න ලැබෙන්න කියල. එතුමාගේ සුබවාදී කතා බොහොමයක් දැක්කා. විද්‍යා හා තාක්ෂණය ගැන හොඳ කතා ටිකක් කිව්වා. ඒවා වුණොත් රට හැදෙයි.
ටිල්වින් සිල්වා ලේකම්තුමාගේ කතාවයි අනුර දිසානායක ජනාධිපතිතුමාගේ කතාවයි ඇහුවහම හිතෙන දේ තමයි මේ වැඩ ටික වුණොත් රට හැදුනොත් ඉතින් අපිත් සතුටුයි. සහයෝගය දෙනවා. පුද්ගලයින් හැටියට අපි කැමතියි රට හැදෙනවා නම්. මේ රටේ පුරවැසියෝ හැටියට රට දියුණු වෙනවා නම් ඇත්තටම කැමතියි.
ඒ දේශපාලන අරමුණ වෙනුවෙන් වර්තමාන ආණ්ඩුවට අපි සුබ පතනවා. විශේෂයෙන් එක තැනකදී කිව්වා මේ රටේ ආයෝජකයින්ට කිසි කරදරයක් නැතුව කොමිස් නොදී අවස්ථාව ලබා ගන්න පුළුවන් කියල ඒවා කරනවා නම බොහොම හොඳයි.”