දූෂණය වංචාව පගාව නතර කළාම රාජ්‍ය ආයතන ලාභ ලබනවා…! – ඇමැති හඳුන්නෙත්ති…

November 20, 2024 at 12:08 pm | by emanisa.lk

මෙතෙක් කල් රාජ්‍ය ආයතන විකුණා දැමීමට හේතුව ලෙස ප්‍රකාශ කළේ එම ආයතන පාඩු ලැබීම බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ඇමැතිවරයා පෙන්වා දෙන්නේ එම ආයතනවලට මෙතෙක් කල් ලාභ ලැබිය නොහැකි වූයේ දූෂණය වංචාව පාගාව සහ ඇමැතිවරුන්ගේ අල්ලස් නිසා බවයි.

එම හේතු ඉවත් කර ලාභ ලැබීමට බැරි දැයි ඉදිරියේ දී බලාගත හැකි අතර එසේ නොහැකි නම් ඊට ද හේතු සොයා බැලිය යුතු බව ඇමැති හඳුන්නෙත්ති සඳහන් කරයි.

ඊයේ (19) සිය අමාත්‍යංශයේ වැඩභාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *