රුහුණ විශ්වවිද්‍යාලයේ උප කුලපති, මහාචාර්ය වෛද්‍ය සුජීව අමරසේන මහතාට එරෙහිව අද (19) සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව රුහුණු විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨ ආචාර්ය සංගමයේ සභාපති සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ උප ලේකම් ආචාර්ය ආචාර්ය මංජුල ද සිල්වා මහතා පවසයි.
ඒ සඳහා අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩල මෙන්ම සිසුන් ද එක්වන බව හෙතෙම සඳහන් කරයි.
උපකුලපතිවරයා ඉවත් කරන තුරු වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව ආචාර්ය මංජුල ද සිල්වා අවධාරණය කරයි.
ඒ අනුව සිසුන්ගේ විභාග රාජකාරිවලට පමණක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එක්වන බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
වර්තමාන උපකුලපතිවරයාගේ කාල සීමාවේ විශ්වවිද්‍යාලය විශාල වශයෙන් පිරිහීමට පත් වූ බවට ශිෂ්‍ය සංගම් සහ විශ්වවිද්‍යාලීය වෘත්තීය සංගම් පසුගිය සමයේ දිගින් දිගට ම චෝදනා කළේය.
සුජීව අමරසේන දැඩි නවකවධ විරෝධියෙකු වන අතර ඔහු රුහුණ විශ්වවිද්‍යාලයේ නවකවධයට එරෙහිව දැඩි තීන්දු තීරණ ගනිමින් විශ්වවිද්‍යාලය ඉන් මුදා ගැනීමට විශාල වෙහෙසක් දැරූ අයෙකු ලෙස ප්‍රකටය.