රජයේ රෝහල් සහ සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ආයතන සඳහා 2017 වසරේ රු. මිලියන 31කට අධික මුදලක් වැය කොට ස්ථාපිත කළ ඇඟිලි සලකුණු යන්ත්‍ර 213ක් මේ වන විට භාවිතයට නොගෙන නිෂ්ක්රීයව ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
අදාළ ආයතනවල කාර්ය මණ්ඩලයේ පැමිණීම සහ පිටවීම නිවැරදිව තහවුරු කිරීම සඳහා මෙම යන්ත්‍ර හඳුන්වා දුන් අතර 2017 ජුලි මස 01 වන දා සිට ඒවා ක්‍රියාත්මක නොකරන්නේ නම් අතිකාල දීමනා නොගෙවීමට සෞඛ්‍ය ලේකම්වරයා නියෝග කොට තිබිණි.
කෙසේ වුව ද වෘත්තීය සමිති විරෝධය හමුවේ මෙම යන්ත්‍ර භාවිතයට නොගෙන ඇති අතර සුපුරුදු ලෙස අතිකාල දීමනා ලබා දී ඇත. මේ අනුව 2023 වසරේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අතිකාල සහ නිවාඩු දින දීමනා රු. මිලියන 38236කට අධික මුදලක් ගෙවා ඇති අතර එය ඔවුන්ගේ සමස්ත වැටුප් පිරිවැයෙන් 72%ක් තරම් දැවැන්ත මුදලක් බව වැඩි දුරටත් හෙළි වී තිබේ.