මන්ත්‍රී කොල්ලයෙන් සිලින්ඩරේ ඇවිළෙයි… රවී එජාපයෙන් නෙරපයි…!

November 19, 2024 at 1:08 pm | by emanisa.lk

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට තම නම අත්තනෝමතිකව ඇතුළු කරවා ගැනීම නිසා රවී කරුණානායකගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කර තිබේ.

එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ අනු දැනුමකින්තොරව රවී කරුණායක මහතා වෙනත් පක්ෂයක ලේකම්වරුවකු හරහා මෙම අත්තනෝමතික කටයුත්ත කර ඇති බවයි.

ඒ හරහා ඔහු පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බැවින් මෙම පියවර ගන්නා බවද එම ප්‍රකාශකයා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *