දඹාන ආදීවාසී නායක ගුණාබණ්ඩියලා ඇත්තන්ට මහා මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දී නොමැති බව ආදීවාසී නායක උරුවරිගේ වන්නිලැඇත්තෝ චෝදනා කරති.
දඹාන කනිෂ්ඨ විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඔහු පොරවක් රැගෙන පැමිණීම නිසා ඊට ඇතුළුවීමට රාජකාරියේ නිරත නිලධාරීන් විසින් එය වළක්වා තිබේ.
මෙය තම අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව ද ආදීවාසී නායක උරුවරිගේ වන්නිලැඇත්තෝ පෙන්වා දෙයි.