පහුගිය ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිවරයෙකුට ලබා දී තිබූ කොළඹ නිල නිවසේ විදුලි පහන් පහක් සහ වතුර මෝටර් දෙකක් අතුරුදන් වී ඇතැයි වාර්තා වෙයි.
මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් කරන ලෙස කුරුඳුවත්ත පොලිසියට අධිකරණය ඊයේ (14) නියෝග කර තිබේ.
කොළඹ හත ග්‍රෙගරි පාරේ පිහිටි එම නිල නිවස වර්තමාන ආණ්ඩුව යටතේ නැවත පවරා ගෙන සිදුකළ පරික්ෂාවේ දී මේ බව අනාවරණය වී තිබේ.