නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 340,000 ක් තැපැල් කාර්යාල තුළ ඉතිරි වී තිබෙන බවත්, ඡන්දදායකයන්ට සිය නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව අද (14) දිනයේ දී ද තැපැල් කාර්යාලවලින් ලබාගැනීමට පහසුකම් සලසා ඇති බවත් නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසයි.
ඡන්දදායකයන් නිවාසවල නොසිටීම, ඇතැම් ඡන්දදායකයන් පදිංචිය හැරයාම, විදෙස් ගතවී සිටීම යන කාරණා මත නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙලෙස ලක්ෂ තුනකට වැඩි ප්‍රමාණයක් තැපැල් කාර්යාල තුළ ඉතිරිවී තිබෙන බවද ඔහු සඳහන් කරයි.
මැතිවරණ දිනය යෙදී තිබෙන අද (14) දිනයේදීද තැපැල් කාර්යාලවලට ගොස් සිය අනන්‍යතාව තහවුරු කර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගැනීමට ඡන්දදායකයන්ට පහසුකම් සලසා තිබෙන බවත්, අද දිනයේදීද පෙරවරු 8.00 සිට තැපැල් කාර්යාල විවෘතව තැබෙන බවද නියෝජ්‍ය තැපැල්පතිවරයා පැවැසීය.