හිටපු ඇමැති නිවාස 27ක් රජයට පවරා ගනී…!

November 12, 2024 at 9:15 am | by emanisa.lk

හිටපු අමාත්‍යවරුන් භාවිත කළ නිල නිවාස 27ක් මේ වන විට රජයට බාරදී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

තවත් එක් නිල නිවසක් පමණක් රජයට පවරා ගැනීමට තිබේ. ඒ හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා රැඳී සිටි නිල නිවස බව එම අමාත්‍යාංශය පවසයි.

එම නිවස සඳහා ගෙවීමට ඇති කුලී ගාස්තු අඩුපාඩුවක් නිසා එම නිවස රජයට පවරා ගැනීම ප්‍රමාද වී තිබේ.

එම කටයුතු කඩිනමින් අවසන් කර අදාළ නිල නිවස ද රජයට පවරා ගැනීමට කටයුතු කරන බව වැඩි දුරටත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *