ලක්ෂයක් ඉල්ලන්නේ මම නෙමෙයි හැකර්ස්ලා…! – දයාසිරි…

November 6, 2024 at 2:09 pm | by emanisa.lk

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ වට්සැප් ගිණුම ද මේ වන විට හැක්කර තිබෙන බවට තොරතුරු වාර්තා වෙයි.

මෙම හැකර්වරුන් විසින් අද දින (04) තම හිතමිතුරන් වෙත රුපියල් ලක්ෂයක මුදලක් තැන්පත් කරන ලෙස ඉල්ලා පණිවුඩ යොමු කර තිබෙන බව දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඔහු පැවසුවේ මහජන බැංකුවේ ඉංගිරිය ශාඛාවේ සුරේශ් කුමාර නැමති ගිණුමට මුදල් තැන්පත් කරන ලෙස තම හිතවතුන්ට පණිවුඩය යවා තිබෙන බවයි.

එලෙස මුදල් ඉල්ලා කිසිවකුටත් පණිවුඩය යොමු නොකල බව පැවසු දයාසිරි මහතා එම ගිණුමට මුදල් තැන්පත් නොකරන ලෙස ඉල්ලා සිටියි.

පසුගිය ඔක්තෝබර් 28 වනදා මුජිබර් රහුමාන් මහතා ද සිය වට්සැප් ගිණුම හැක්කර තිබෙන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ගොනු කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *