මා ද්විත්ව පුරවැසියෙක් නම් ඔප්පු කරනු…! – තිලකරත්න ඩිල්ෂාන්…

November 6, 2024 at 9:17 am | by emanisa.lk

තමා මඩ ප්‍රහාරවලින් නැවතිය හැකි පුද්ගලයෙකු නොවන බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක, ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ තිලකරත්න ඩිල්ෂාන් මහතා පවසයි.

තමන්ට සිය පක්ෂය සමග එකතු වන ලෙස ආරාධනා කළ දිලිත් ජයවීර මහතා තමන් ද්විත්ව පුරවැසියෙකු බව ප්‍රකාශ කිරීම ගැන කනගාටු වන බව ද ඔහු සඳහන් කරයි.

හැකිනම් තමා ද්විත්ව පුරවැසියෙකු බව ඔප්පු කරන ලෙස ද ඩිල්ෂාන් අභියෝග කරයි. ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *