රජයේ නිවාස අල්ලං ඉන්න අයට නඩු දානවා…! – ජනපති..

November 5, 2024 at 6:32 pm | by emanisa.lk

රජයේ නිල නිවාස මෙතෙක් බාර නොදුන් අයට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“පසුගිය ජනාධිපතිවරණයේ දී මේ රටේ ජනතාව ඉතා ම නිර්භිත ‍ධෛර්යවන්ත තීන්දුවක් ගත්තා. දීර්ඝ කාලයක් මේ රට පාලනය කළේ දූෂිත ප්‍රභූ කණ්ඩායමක්. රටේ සම්පත් බහුජාතික සමාගම්වලට විකුණලා දැම්මා. භාණ්ඩාගාරයේ ධනය හිතු හිතු සේ පාවිච්චි කළා. මහ ජනයාගේ දේපොළ ඒ විදියටම පරිහරණය කළා.

මේ අම්පාර දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරයෙක් අවුරුදු 36කට පස්සේ ගේ බාර දීලා. ඉතින් බලන්නකෝ ඒ ගොල්ලෝ මෙහෙත් එහෙමයි කොළඹත් එහෙමයි. දැන් ආණ්ඩුවේ නිවෙස්වලින් ඉවත් කරගන්න අපි තීන්දුකරලා තියෙනවා නඩු දාන්න. ඒ ගොල්ලෝ දිගටම ආණ්ඩුවේ යැපුනු අය.
මහ ජනයාගේ දේපොළ රිසි සේ එයාලගේ පෞද්ගලික දේපොළක් ලෙස පාවිච්චි කරපු අය. මේ රට මහා ණය උගුලක හිරකරපු අය. ඒ ගොල්ලෝ එයාලගේ පවුලේ උදවිය සහ ඒ ගොල්ලන්ගේ වටේ ඉන්න උදවියට පමණක් සේවයක් කරපු අය. මහ ජනතාව දුප්පත් බවේ පතුලටම බස්සවපු අය.”

අම්පාර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *