රජයේ නිල නිවාස මෙතෙක් බාර නොදුන් අයට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
“පසුගිය ජනාධිපතිවරණයේ දී මේ රටේ ජනතාව ඉතා ම නිර්භිත ධෛර්යවන්ත තීන්දුවක් ගත්තා. දීර්ඝ කාලයක් මේ රට පාලනය කළේ දූෂිත ප්රභූ කණ්ඩායමක්. රටේ සම්පත් බහුජාතික සමාගම්වලට විකුණලා දැම්මා. භාණ්ඩාගාරයේ ධනය හිතු හිතු සේ පාවිච්චි කළා. මහ ජනයාගේ දේපොළ ඒ විදියටම පරිහරණය කළා.
මේ අම්පාර දිස්ත්රික්කයේ හිටපු මන්ත්රීවරයෙක් අවුරුදු 36කට පස්සේ ගේ බාර දීලා. ඉතින් බලන්නකෝ ඒ ගොල්ලෝ මෙහෙත් එහෙමයි කොළඹත් එහෙමයි. දැන් ආණ්ඩුවේ නිවෙස්වලින් ඉවත් කරගන්න අපි තීන්දුකරලා තියෙනවා නඩු දාන්න. ඒ ගොල්ලෝ දිගටම ආණ්ඩුවේ යැපුනු අය.
මහ ජනයාගේ දේපොළ රිසි සේ එයාලගේ පෞද්ගලික දේපොළක් ලෙස පාවිච්චි කරපු අය. මේ රට මහා ණය උගුලක හිරකරපු අය. ඒ ගොල්ලෝ එයාලගේ පවුලේ උදවිය සහ ඒ ගොල්ලන්ගේ වටේ ඉන්න උදවියට පමණක් සේවයක් කරපු අය. මහ ජනතාව දුප්පත් බවේ පතුලටම බස්සවපු අය.”
අම්පාර ප්රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.