හිටපු ජනාධිපතිවරුන් අසීමිත ලෙස සිය වරප්රසාද භාවිත කරමින් පොදු ජනතාව ආහාරයට ගන්නා එළවළු ප්රතික්ෂේප කොට සිය පරිභෝජනයට නුවරඑළියෙන් කාබනික එළවළු රැගෙන ආ බවත් ජනාධිපති අනුර දිසානායක පවසයි.
නුවරඑළිය ජනාධිපති මන්දිරයේ වවන කාබනික එළවළු කිලෝ 60ක පමණ මළු දෙකක් සෑම සිකුරාදා දිනකම ජනාධිපති මන්දිරයට රැගෙන ආ බවයි, ඔහු සඳහන් කළේ.
තම එය දැනගත් පසු එම එළවළු ආරක්ෂක නිලධාරීන්ගේ ආහාරය සඳහා යොමු කරන ලෙස දැනුම් දුන් බව ද ජනාධිපතිවරයා ප්රකාශ කරයි.
නුවරඑළියේදී ජනහමුවක් අමතමින් ජනාධිපති අනුර දිසානායක මේ බව කීය.