මම නුවරඑළියේ කාබනික එළවළු ප්‍රතික්ෂේප කළා….! – ජනපති…

November 3, 2024 at 6:18 pm | by emanisa.lk

හිටපු ජනාධිපතිවරුන් අසීමිත ලෙස සිය වරප්‍රසාද භාවිත කරමින් පොදු ජනතාව ආහාරයට ගන්නා එළවළු ප්‍රතික්ෂේප කොට සිය පරිභෝජනයට නුවරඑළියෙන් කාබනික එළවළු රැගෙන ආ බවත් ජනාධිපති අනුර දිසානායක පවසයි.

නුවරඑළිය ජනාධිපති මන්දිරයේ වවන කාබනික එළවළු කිලෝ 60ක පමණ මළු දෙකක් සෑම සිකුරාදා දිනකම ජනාධිපති මන්දිරයට රැගෙන ආ බවයි, ඔහු සඳහන් කළේ.

තම එය දැනගත් පසු එම එළවළු ආරක්ෂක නිලධාරීන්ගේ ආහාරය සඳහා යොමු කරන ලෙස දැනුම් දුන් බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

නුවරඑළියේදී ජනහමුවක් අමතමින් ජනාධිපති අනුර දිසානායක මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *