නීතිවිරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාවට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර රෝහලවෙත මාරුකර තිබේ.
මිරිහාන පොලීසිය මගින් ලොහාන් රත්වත්තේ මහතා ඉකුත් 31 වනදා මහනුවර, කටුගස්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට රැගෙන ආ අතර, එහිදී නොවැම්බර් මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරුණි.
කෙසේ නමුත් එහිදී ලොහාන් රත්වත්තේ මහතාට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා බන්ධනාගාර රෝහලවෙත යාමට නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා අවසර ලබා දී තිබිණි. ඔහු හිටපු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයා බැවින් විශේෂ ආරක්ෂාවක් ලබා දීමට ද අධිකරණය නියෝග කර තිබේ.