දේශපාලන සබඳතා මත පසුගිය ආණ්ඩු සමයේදී විවිධ රට වලට තානාපති සේවාවන් සඳහා පත් කර යැවූ නිලධාරීන් 16 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි යළි කැඳවීමට තීරණය කර තිබේ.
මේ වන විට ඔවුන්ට මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති අතර ඒ අනුව එම නිලධාරීන් යළි මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
අමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස, චීනයේ ෂැංහයි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ අනුර ප්‍රනාන්දු, ඉන්දියාවේ චෙන්නායිහි නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා වශයෙන් කටයුතු කළ ආචාර්ය ඩී. වෙන්කටේෂ්වරන් මහත්වරු මෙලෙස මෙරටට කැඳවීමට නියමිත අය අතර වෙති.
එමෙන්ම සවුදි අරාබියාවේ ජෙඩාහි කොන්සල් ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ එස්.එම්.ඒ.එෆ් මවුලානා මහතා ද යළි කැඳවන ලැයිස්තුවේ වෙයි.
ඊට අමතරව අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඇමැති ලෙස සේවය කළ නිශාන මනික් මුතුත්‍රිෂ්ණ සහ තෙවැනි ලේකවරයා වශයෙන් කටයුතු කළ තාරක දිසානායක මහත්වරුන් ද කැඳවීමට පියවර ගෙන තිබෙන අතර එක්සත් රාජධානියේ ලන්ඩන් හි ශ්‍රී ලංකා මහකො- මසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සෙනිය පුංචිනිලමේ මහතාට ද යළි මෙරටට පැමිණෙන ලෙස දන්වා ඇත.
ප්‍රංශයේ පැරිස් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම්වරයා ලෙස කටයුතු කළ සහසු බණ්ඩාර මහතා ද ඉතාලියේ රෝම නුවර පිහිටි තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වර්ය ලෙස සේවය කළ මෙකී වන්දිමා පෙරේරා මහත්මිය ද ඔස්ට්‍රේලියාවේ කැන්බරා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම්වර්ය වශයෙන් සේවය කළ දිනකා කාමලීන් ප්‍රනාන්දු පුල්ලේ මහත්මය ද යළි කැඳවීමට පියවර ගෙන තිබේ.
මේ අතර රුසියාවේ මොකට හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශක ලෙස සේවය කළ පණ්ඩුල ද සොයිසා, ඉන්දි යාවේ නවදිල්ලි හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඇමැති උපදේශක ලෙස සේවය කළ ආචාර්ය අන්වර් මොහොමඩ් හදානි, ලෙබනනයේ බ්රට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ලෙස සේවය කළ ප්‍රියංගිකා දිසානායක සහ තුර්කියේ අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම්වරිය ලෙස සේවය කළ යමින් හිල්ම් මොහො මඩ් මහත්ම මහත්මන් ද යළි කැඳවා ඇත.
ඊට අමතරව නෙදර්ලන්තයේ හේග්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශක ලෙස කටයුතු කළ අෂ්විනි තපන්ගම මහත්මිය සහ ජර්මහියේ ස්ටොක්හෝම් හි ඇමැති උපදේශකවරයා වශයෙන් සේවය කළ ජනක රණතුංග මහතා ද යළි කැඳවීමට රජය තීරණය කර තිබේ. මෙසේ ඥාති සහ දේශපාලන හිතවත්කම් මත තානාපති සේවාවන් හි නිරත තවත් පිරිසක් ඉදිරියේදී කැඥවීමට ද රජ්‍ය සැලසුම් කර තිබේ.