ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සහ සිවිල් ආරක්ෂක බලකා සෙබළුන්ගේ ආහාර සලාක මුදල මාසික වේතනයට එකතු කරන ලෙස හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
පසුගිය ආණ්ඩුව විසින් ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ආහාර සලාක මුදල ලබන ජනවාරියේ සිට ඔවුන්ගේ මාසික වේතනයට එක්කිරීමට තීරණය කර තිබුණු බවයි, තෙන්නකෝන් මහතා සඳහන් කරන්නේ.
ආහාර සලාක මුදල සිය වැටුපට එක්කිරීම සම්බන්ධයෙන් ඔවුන් නිරන්තරයෙන් කළ ඉල්ලීම් සලකා එය ඉල්ලීම ඉටුකිරීමට පසුගිය ආණ්ඩුව කටයුතු කර තිබෙන හෙයින් වත්මන් ආණ්ඩුව එම ඉල්ලීම් ලබා දිය යුතු බව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.