හදිසි දුම්රිය වර්ජනය හදිසියේම අවසන්…!

October 31, 2024 at 8:09 am | by emanisa.lk

දුම්රිය ස්ථානාධිපතිවරුන් දියත් කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (30) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සංජය ජයසුන්දර මහතා පවසයි.
හෙටට (31) යෙදී ඇති දීපාවලී දිනය හේතුවෙන් ජනතාවට සහයෝගය දැක්වීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව ද ඔහු සඳහන් කරයි.

උසස්වීම්, බඳවාගැනීම්, දුම්රිය අවලංගු වීම් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම ආදී ගැටලු කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බවට ඉකුත් සඳුදා තීරණය කර තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *