ලෝකයේ කුඩාම කැබිනට්ටුව හැදුවා යැයි පම්පෝරි ගැසුව ද අද වන විට තුන්දෙනාට එකට වැඩ කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් මත දෙකක සිටින මාලිමාව සහ ජවිපෙ අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති බව පෙනෙන්නට ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඩී.වී. චානක පවසයි.
මේ වන ව්ට බඩු මිල අහස උසට නැග පොල් ගෙඩියක මිල ඇසූ විට එලොව පොල් පෙනෙන බව ද ඔහු සඳහන් කරයි.
පෙර ආණ්ඩු සමයේ බඩු මිල ඉහළ යන්නේ ඇමතිට කොමිස් යන නිසා යැයි මාලිමා කණ්ඩායම චෝදනා කළ බව සඳහන් කළ හෙතෙම දැන් එම කොමිස් මුදල යන්නේ කුහන ඇමතිට දැයි ප්‍රශ්න කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමින් ඩි.වී. චානක මේ බව කීය.