ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට ජයග්‍රහණය කර තිබේ. එහිදී කොට්ඨාශ 15ක ජය ජාතික ජන බලවේගයටත් කොට්ඨාශ 2ක ජය සමගි ජන බලවේගයටත් හිමිව ඇත.
එම ප්‍රතිඵල අනුව ආසන 30කින් සමන්විත ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ආසන 15ක් ජාතික ජන බලවේගයට ද ආසන 15ක් විපක්ෂ කණ්ඩායම්වලට ද හිමිව ඇත.
ජාතික ජන බලවේගය සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 17,295ක් ලබා ඇත.
එහිදී පක්ෂ ලබාගත් ඡන්ද සහ මන්ත්‍රී ධුර සංඛ්‍යාව මෙසේය.
ජාතික ජන බලවේගය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 17,295 – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 15
සමගි ජන බලවේගය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 7,924 – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 6
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 3,597 ඡන්ද සංඛ්‍යාව – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 3
පොදුජන එක්සත් පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 2,612 – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 2
ස්වාධීන කණ්ඩායම ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 2,568 – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 2
පොදුජන එක්සත් නිදහස් සන්ධානය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 1,350 – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 1
ජාතික ජනතා පක්ෂය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 521 – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 1
දෙවන පරපුර ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 388 – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 0
ජනසෙත පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 50 – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 0