ගෝඨා එළවිමේ සටනට මුලින්ම බැස්සේ මමයි මුජිබරුයි….! – මරික්කාර්…

October 26, 2024 at 5:33 pm | by emanisa.lk

මුජිබර් රහුමාන් සහ තමන් කිසිම දිනක පාර්ලිමේන්තුවට ගොස් නිදා නොගත් බවත් තමන් පාර්ලිමේන්තුවට ගොස් හැම දිනකම ජනතා ප්‍රශ්න පිළිබඳ හඬ නගමින් සටන් වැදුණු බවත් එස්.එම්. මරික්කාර් පවසයි.

එදා ජනතාව පෝලිම්වල සිටිය දී ජනාධිපති මන්දිරය වැටලීමට මුලින්ම ගියේ තමන් බවයි, මරික්කාර් ප්‍රකාශ කළේ. ඒ සටනට ඈත පිටිසර ගම් දනව්වල ජනතාව ද එකතු වී මහා පරිවර්තනයකට මුල පිරූ බව ද ඔහු සඳහන් කරයි.

ජනතාවගේ ආදායම් ඉහළ නංවා වියදම් අඩු කර බදු බර පහත හෙළීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළ හැකි පිරිස සිටින්නේ සමගි ජන බලවේගය සමග බව ද මරික්කාර් වැඩි දුරටත් සඳහන් කළේ, මැද කොළඹ ජන හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *